සිංහල

“ඔටිසම්”දරුවන් සමඟ නොනවතින අරගලයක යෙදෙන දෙමව්පියන්ට අත්වැලක් වියහැකි නම් ඔබට… මට…

දරුවකු මෙලොවට බිහිකරන්නට මවක් ලෙස ඔබ කෙතරම් කැප කිරීම් කරනවාද?

දරුවා පෝෂණය කරන්නට පියෙකු ලෙස ඔබ කෙතරම් මහන්සි වනවාද?
මේ සියළු කැපකිරීම්, වෙහෙස මහන්සිවීම් තුළ තමා ලත් මේ උතුම්ම දායාදය ලෝකයට ආලෝකයක් කරන්නට දෙමව්පියන් විඳින දුක් කන්දරාව කෙතරම්ද?
එය මිල කල නොහැක. මැනිය නොහැක.
නිරෝගීමත්, බුද්ධිමත් දරුවන් ලද දෙමාපියන් තම දරුවන් ගැන කෙතරම් සතුටු වනවාද?
ඔවුන්ගේ අනාගතය ගැන කෙතරම් සිහින මවනවාද?
නමුත් සාමාන්‍ය දරුවකු ලෙස ඉපිද, ඉතාමත් සුන්දර තවත් පුංචි දරුවන් කොටසක්
දිනෙන් දින වර්ධනය වන්නේ අසාමාන්‍ය වු හැසිරීම් රටාවන් පෙන්නුම් කරමින්ය.
මේ දරුවන්ට පරිසරය අවබෝධ කර ගැනීම අසීරුය, පුද්ගලයින් හඳුනා ගැනීමට,
තෝරා බේරා ගැනීමට අපහසුය. කාලය පිළිබඳව අවබෝධයක් නොමැත.
එමෙන්ම සමහර දරුවන්ගේ සුරතල් කථා බහද නැවතී ඇත. මේ දරුවන්ගේ ළමා ලෝකයට කුමක් වීද ? එය සොරා ගෙන ඇත්තේ කවරෙක්ද ?
එය ලොවටම ගැටළුවකි.
දරුවන්ගේ ළමා ලොව සොරගෙන ඇත්තේ “ඔටිසම්” නම් රකුසෙකි.
“ඔටිසම්” ඊයේ, අද පමණක් නොව අනාගතයේ බිහිවීමට සිටින දරුවන් ද සොරා ගැනීමට මඟ බලා සිටී.
නිරෝගී, සාමාන්‍ය දරුවන් සිටින සමහර දෙමාපියන්ට, වැඩිහිටියන්ට මේ දුක දැනේනේ නැති වන්නට පුළුවනි.
නමුත් ජාති, ආගම්, දේශ, කුල භේද නොතකා කාට, කවදා මෙවැනි දරුවකු ලැබේදැයි කිව නොහැක.
මෙම දරුවන් සමඟ තම ජීවිතයේ සුන්දරත්වය, පසෙකලා දුක් විඳින, සුසුම් හෙළන
දෙමාපියන් පිළිබඳව දන්නේ කීයෙන් කී දෙනාද ?
සැබැවින්ම මෙම දරුවන් සමඟ මෙවැනි අරගලයක යෙදෙන දෙමාපියෝ සැබෑ ලෙසම තම මාතෘත්වය, පීතෘත්වය විඳහා දක්වන්නේ තම දරුවා තමාට කරදරයක් ලෙස නොසිතා
පණමෙන් රැකගන්නා දෙමාපියන් පිළිබඳව “ඔසිල්මෝ” ආයතනය ලබන
අත්දැකීම් මුල් කර ගනිමිනි.
මෙවැනි දරුවකු සිටින දෙමාපියන්ගේ හදවතේ ඇවිලෙන ගින්දර නොදැන මෙන්
සමාජය ද මොවුන්, පීඩාවන්ට ලක් කරනු ලැබේ.
මෙවැනි දරුවකුට සාමාන්‍ය දරුවන් හා එක්විය නොහැකිද?
මෙවැනි දරුවකුට පාසල් උරුම නොමැතිද?
පන්සලකට, පල්ලියකට, කෝවිලකට හෝ වෙනත් පොදු ස්ථානයකට මේ දරුවන්ට යාමට හැකිද?
දෙමාපියන් ලද අත්දැකීම් අනුව මේ සියළු අවස්ථාවන් විඳීමට “ඔටිසම්” දරුවාට අයිතියක් නොමැතිද?
මගේ දරුවා සමාජයට බරක්ද, සමාජයට පිළිකුලක්ද? යන වේදනාකාරී ප‍්‍රශ්නාර්ථයන්
මුල් කර ගනිමින් දෙමාපියන් විසින්
තමාගේ දරුවා සඟවා ගෙන තබා ගැනීමට උත්සාහ කිරිම මීට හේතු වේ.
සමාජයේ ජීවත් වන අපට මොවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?
ඔටිසම් දරුවකු හෝ වෙනත් ආබාධයකින් පෙළෙන දරුවකු හෝ අපට සිටී නම් පමණක්
මේ දුක දැනෙනවා විය හැක.
නමුත් මානුෂික හදවත් ඇති මිනිසුන්ට මේ දුක දැනීමට මෙවැනි දරුවන් සිටිය යුතුම නැත.
අනුන්ගේ දුකේදී උණුවන හදවත් ඇති මිනිසුන් මේ ලොව කොතෙක් නම් සිටීද?
තම දරුවාිඔට්සම්’ දරුවකු බව දැනගත් විගස දෙමාපියන්ට ඇතිවන හැඟිම ඉතාමත්ම වේදනාකාරීය.
තම ජිවිතයේ අසන්නට ලැබු දුක්ඛිතම වචනය මේ යැයි ඔවුනට සිතිම නිවැරදිය.
අනාගතයේ තම දරුවාගේ ඉරණම මේ දෙමාපියන් සිතන අයුරු විස්තර කිරිමට වචන නොමැත.
“ඔටිසම්” නම් රැදුරු රකුසාට ඔබ බිය යුතු නැත.”ඔසිල්මෝ” ඔට්සම් ආයතනයේ මුලිකම අරමුණ “ඔටිසම්” නම්
රුදුරු රකුසාට අභියෝග කිරිමයි. ඒ සඳහා සුදුසුවුත් දිර්ඝ වුත් අඩිතාලම මේ වන විට
“ඔසිල්මෝ” ආයතනය දමා ඇත. දෙමාපියන් වන ඔබ මේ සඳහා අප සමඟ අත්වැල් බැඳගැනිම වැදගත් වේ.
මෙහිදි ඔබ සැබෑ ලෙසම ඉවසිම, දයාව, කරුණාව, මෛත‍්‍රිය යන මෙත් සිතුවිලි අනුව ක‍්‍රියාකරන්නේනම්
අසීමිත ලෙස කැපවන්නේ නම්, “ඔටිසම්”  සඳහා ඔබට අභියෝග කල හැක. දරුවා තනිනොකර
දරුවාට සෙවනැල්ලක් වෙමින්, සාමාන්‍ය දරුවකු ලබන සියලූ අයිතිවාසිකම් විඳීමට මේ දරුවාට ඔබ
ඉගැන්විය යුතුය. දෙමාපියන් වන ඔබට මෙය අසීරු විය හැක. වෙහෙසකාරී විය හැක.
නමුත් ඒ තුලින් ලබන සැනසිම, ජයග‍්‍රහණය, මෙම වෙහෙසකාරි ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵල බව අප පවසන්නේ
අද “ඔටිසම්” නම් ලෝකයෙන් සැබෑ ලොවට පිවිසි දරුවන් පිලිබඳව
“ඔසිල්මෝ”  ආයතනයට සාක්‍ෂි ඇතිව පෙන්විය හැකි බැවිනි.
කුඩා කාලයේදිම දරුවාගේ මෙම ගැටළුකාරි තත්වය අවබෝධකර ගැනිමට
දෙමාපියන් වන ඔබට හැකියාව ඇත.
මෙහිදි දරුවා,
  • ඇසට ඇස නොබැලිම.
  • කථා කරන විට ඊට ප‍්‍රතිචාර නොදැක්විම.
  • ඇතිවෙමින් තිබු කථාව ක‍්‍රමක‍්‍රමයෙන් අඩු වී යාම.
  • කරකැවෙන දේවලට දක්වන දැඩි කැමැත්ත
  • අරමුණකින් තොරව හැඩිම / සිනාසිම.
  • සම වයස් දරුවන් සමඟ එකට එක් වී කටයුතු නොකිරිම.
  • නිතරම තනිව සිටිමට ප‍්‍රිය කිරිම.
  • සෙල්ලම් බඩුවක් හරි හැටි හඳුනා නොගැනිම, මෙන්ම ඒ සමඟ සෙල්ලම් කිරිමට නොදැනිම.
  • පරිසරය පිළිබඳව අවබෝධ නොවිම.
  • කාලය පිළිබඳව අවබෝධයක් නොවිම.
  • අධික කලබලකාරි හැසිරිම.
  • පුද්ගලයින් නිවැරදිව හඳුනා නොගැනිම.
  • තමාගේ අවශ්‍යකාවයන් ඉඟි මඟින් පෙන්වා කටයුතු කරවා ගැනිම.
වැනි ලක්ෂණ මුලිකව සඳහන් කල හැක.
මෙම ගැටළුකාරි තත්වයන් හඳුනා ගැනිමෙන් අනතුරුව කුඩා කලදිම දරුවාට නිවැරදි චිකිත්සාවන් ලබා දිම
ඉතා වැදගත් වේ. මෙම ගැටළුකාරි තත්වය ඖෂධ මඟින් පාලනය කල හැකි වුවත්, එය තාවකාලික සහනයකි.
නමුත්, ඔසිල්මෝ ආයතනය කිසිදු ඖෂධයකින් තොරව දරුවාට ලබාදෙන නිවැරදි චිකිත්සාව දරුවා විසින්ම
දරුවා අවබෝධ කරගැනිමට හා නිවැරදි මඟට ගැනිමට කරනු ලබන දැඩි අභියෝගයකි.
මෙම අභියෝගයට සාර්ථකව මුහුණු දුන් ඔසිල්මෝ ඔට්සම් දරුවන් මීට සාක්‍ෂියකි.
එබැවින් මෙම අභියෝගයට මුහුණ දිම හෙට නොව අදම සිදුකල යුතුය.
මන්දයත් දරුවාගේ මනස නොනැවති වර්ධනය වන නිසාය.
ඔට්සම් දරුවාට සාමාන්‍ය දරුවකු ලබන, විඳින සියලූ වරප‍්‍රසාද හිමිවිය යුතුය.
මේ උදාරතර අරමුණ මුල්කර ගෙන අනාගතයේදී ඔට්සම් දරුවන්ට සියලූ පහසුකම් වලින් සමන්විත
ගම්මානයක් ඉදිකර ලිමත්, දරුවා නේවාසිකව තබා ගනිමින් දරුවාගේ නිවැරදි චිකිත්සක වැඩ පිළිවෙල
විධිමත්ව ක‍්‍රියාත්මක කිරිමත් ඔසිල්මෝ ඉදිරි දැක්ම වේ.
ඔසිල්මෝ ආයතනයට ඔටිසම් දරුවකු ලෙස ඇතුලූ වු දරුවා
සාමාන්‍ය දරුවකු ලෙසින් ලෝකයට පියවර ඔසවා පා තබන්නට මඟ පෙන්විමට
ඔසිල්මෝ ආයතනය දරන වෙහෙස, වගකිම අතිමහත්ය.
ජාති, ආගම්, කුල, භේද නොතකා, ලංකාවේ උතුරු කොනේ සිට දකුණු කෙළවර දක්වා වාසය කරන
‘ඔට්සම්’ දරුවන්ට මෙන්ම ලොව පුරා සිටින ඔට්සම් දරුවන්ටද ‘ඔසිල්මෝ’ ආයතනය අත්වැලක් වී සිටින්නේ
යෝධ සෙවනැල්ලක් ලෙසිනි.
‘ඔසිල්මෝ’ ආයතනය ඔට්සම් දරුවන්ගේ බිඳ වැටුනු ළමා ලෝකය ඔප්නංවන්නට දරන අභියෝගයට,
ඔබටද හැකි අයුරින් දායක විය හැක.
අනාගත ලෝකය භාර ගැනිමට සිටින දු දරුවන්ගේ එක් කොටසක් මෙසේ ලෝකෙයෙත්
සැඟවී සිටිමට වෙර දැරුවන් එය කවදා වනතුරුද?
මානුෂිය හදවත් ඇති ලතෙන් සිත් ඇති මිනිසුනි………..
ඔබගේ දයාව, රැකවරණය ඔවුන් ඔබගෙන් අයදින්නේ ඔබටද නොහැඟනා අයුරිනි…………….
එසේනම් වටහාගන්න ඔවුන්ගේ ලෝකය
සැබෑ ලොව දකින්නට ඔවුන්ටද අයිතියක් ඇත…
ඔටිසම් ලෝකයෙන් මිදී සැබෑ ලොවට පිවිසෙන මේ දරුවාද
මානුෂික හදවතක් ඇති, ගුණ නුවන පිරි සොඳුරු දරුවෙකි.
ඒ සොඳුරු දරුවාටද ලෝකයේ ජිවත් විමට අයිතියක් ඇත……
එසේනම් එක්වන්න ඔබත් අප සමඟ………..
“ඔසිල්මෝ” ආයතනය දයාබරිත වු, මානුෂික හදවත් ඇති මිනිසුන්ට දෙන
කාරුණික පණිවුඩය මෙයයි.